මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්

0
35

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම අද (05) සිට ආරම්භ වේ.

ඒ් අනුව විභාගය සඳහා පෙනී සිටින සෑම අපේක්ෂකයෙකු ම අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ, මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා පැවසුවේ, ලබන 30 වනදා දක්වා ඊට අවස්ථාව හිමිවන බවයි.

ඒ් අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම DoE වෙත පිවිස උපදෙස් නිසි ලෙස පිළිපදිමින් Online ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති User name හා Password භාවිතයෙන් අයදුම් කළ යුතු බවයි.

මේ අතර පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමවේදයට අයදුම්පත්‍ර සම්පූර්ණ කර එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා සන්තකයේ තබා ගන්නා‌ ලෙස ද විභාග දෙපාර්තාමේන්තුව දැනුම්දී සිටී.

මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් අවශ්‍ය වන්නේ නම්, පහත නිවේදනයේ සඳහන් දුරකතන අංක අමතා ඒ් පිළිබඳව විමසිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here