නිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයේ වුවද කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් ගනුදෙනු සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වයි

0
137

කොළඹ කොටස් හුවමාරුවෙහි සමහර කාර්යාල පරිශ්‍රයන් හා සමහර තැරව්කාර සමාගම් කාර්යාල නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටියේ වුවත් ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සමත්ව තිබේ. දුරස්ථව ගනුදෙනු කටයුතු සිදුවුයේ වුවද ආයෝජකයින්ගේ යහපත් ධනාත්මක ප්‍රතිචාර නිසා වෙළෙඳපොළ සැලකියුතු මට්ටමකින් ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඔක්තෝම්බර් 26 වනදින සිට නොවැම්බර් 06 දක්වා කාලය තුළදී සියලු කොටස් මිල දර්ශක අගය 5.4% කින් හා S & P ශ්‍රීලංකා 20 දර්ශකය 3.2% කින් වර්ධනය වී  පිලිවෙලින් ඒකක 6,080.09 ක් හා 2,370.30 ක් ලෙස සටහන් විය. මෙම කාලය තුළදී නොවැම්බර් 05 වනදා සියලු කොටස් මිල දර්ශක අගය 6000 සීමාව පසු කරන ලද්දේ 2020 ජනවාරි 06 වනදාට පසුව එහි ඉහලම අගය වාර්තා කරමිනි. මේ ආකාරයට මිල දර්ශකය වර්ධනය වීම තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයටඑක් කරන ලද නව වටිනාකම රුපියල් බිලියන 138 කි.

මෙම කාල පරාසය තුළ ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනයමින් දෛනික පිරිවැටුමෙහි සාමාන්‍යය රුපියල් බිලියන 2.4 ක් ලෙස සටහන් වුයේ පසුගිය වසරවල එම අගය රුපියල් බිලියන 1.7ක් ලෙස සටහන් වීම අභිභවා යමිනි. ඉතාම සීමිත ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ වුවද ඔක්තෝම්බර් 26 සිට නොවැම්බර් 06 දක්වා කාල සීමාව තුළදී 208,000 ක ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා විය.

මේ පිළිබඳව අදහස් පළ කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශකර සිටියේ, මෙවැනි සීමිත ආර්ථික ක්‍රියාකාරකම් සිදුවුණු කාල වකවානුවක වුවද ගනුදෙනු කරුවන්ගේ ධනාත්මක හැසිරීම තවදුරටත් ධෛර්යය සපයන්නක් බවයි. එමෙන්ම කොටස් වෙළෙඳපොළ මඟින් සලසා ඇති විභවතාවන් පිළිගැනීමක් ලෙසද මෙය දැකිය හැකි බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

“වර්තමානයේ තිබෙන අඩු ඉතුරුම් පොලී තත්වයන් නිසා කොටස් වෙළෙඳපොළ කෙරෙහි වැඩි උනන්දුවක් පෙන්නුම් කර තිබේ. ඉහල මට්ටමේ ගනුදෙනු අගයන් සනිටුහන් වීම හරහා කුමන තත්වයක් යටතේ වුවද ලැයිස්තුගත සමාගම් වල ක්‍රියාකාරීත්වය කෙරේගී ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු වෙයි. මෙම ධනාත්මක වාතාවරණය ඉදිරියටත් දැකීම අපගේ අපේක්ෂාවයි.” යයි ඒ මහතා අදහස් පළකරමින් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here