ලෝක අවධානය දිනා ගත් කොවිඩ් ආසාදිත මව

0
172

කොවිඩ් නිසා ලොවම පීඩාවට පත්ව සිටින මෙවන් අවස්ථාවක අද සුවිශේෂි පුවතක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තා විය.

සියලු දෙනාගේම අවධානය ඒ වෙත යොමුවිය.

ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් ආසාදිත තරුණ මවක් සිව් නිවුන් දරු උපතක් සිදුකළ බැවිනි.

වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරු උපතක් සිදු කළ ලොව පළමු අවස්ථාව මෙය බවය.

අද උදෑසන 11.23 ට මෙම සිව් නිවුන් දරු උපත සිදුවිය.

කොළඹ කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මවක් එලෙස ගැහැණු දරුවන් දෙදෙනෙකුත් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කළාය.

ඇය ඉකුත් නොවැම්බර් 30 වනදා ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් වූ අතර එදින සිදුකළ PCR පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණි.

ඒ අනුව ඇය විශේෂ වාට්ටුවකට යොමුකර තිබුණේ අනෙක් මව්වරුන්ට එය ආසාදනය වීම වැළැක්වීම සඳහාය.

කොවිඩ් ආසාදිත මවක් වුවත් වෙනත් රෝහලකට මාරු නොකර ද සොයිසා කාන්තා රෝහලේදීම දරු ප්‍රසූතිය සිදුකිරීමට එහි රෝහල් කාරැ්ය මණ්ඩලය තීරණය කර තිබුණි.

ඇයගේ දරු ප්‍රසූතිය සිදුකළ වෛද්‍යවරු පැවසූවේ නව ජන්ම දැඩි සත්කාර පහසුකම් සිය රෝහලේදීම ලබාදිය යුතු නිසා එම තීරණය ගෙන තිබූ බවය.

සාමාන්‍ය දරු ප්‍රසූතියකදී මෙන් නොව මෙම දරු ප්‍රසූතිය වෛද්‍යවරුන්ට අභියෝගයක් වී තිබුණි.

ඒ නිසාම මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහහභාගී වී තිබුණි.

එම කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරු 08 දෙනෙක් ඇතුළු සහභාගී වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව 15කි. 

දරුවන් සඳහා විශේෂිත උපකරණ පවා ගෙන්වා තිබූ අතර, එක් එක් දරුවාට වෛද්‍යවරු සහ හෙදියන් යෙදවීමත් විශේෂත්වයකි. 

විශාල පරිශ්‍රමයකින් අනතුරුව බිහිකළ මේ දරුවන් දැඩි සත්කාර ඒකකයේ රඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here