ටොරානා වෙතින් අලුත් රසයක්

0
25

ටොරානා යනු මීට දශක තුනකට පෙර ආරම්භ කළ විඩීයෝ චිත්‍රපට, ගීත අලෙවි කරන රසවින්දනාත්මක කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරයකි .මෙම ව්‍යාපාරයේම තවත් ව්‍යාපාරයක් ලෙස ටොරානා තේ සහ කුළුබඩු ව්‍යාපාරය ආරම්භ කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු විද්වතුන් , කොළඹ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ අවස්ථාවට සහභාගී වු ආරාධිතයින් කිහිප දෙනෙකු දැක්වු අදහස් මෙසේ ය.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී හපුආරච්චි

“ඇත්තටම කුළු බඩු පිටුපස විශාල දර්ශනයක් තියනවා. අපි තුනපහ වර්ග ආහාරයට ගන්නවා කියලා තවමත් බටහිර ජාතීන් අපිට හිනා වෙනවා. නිසි පරිදි විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුණත් මේ කොරෝනා තත්ත්වය යම් තාක් කල් මර්දනය කරන්න පුළුවන්කම තුන පහවලට තියෙනවා. අපේ කුළුබඩුවලට ලෝකයේ හොඳ ඉල්ලුමක් තියනවා. අපි ස්වභාව දහමත් එක්ක ජීවත් වෙව්ව මිනිස්සු. කුළු බඩු කියලා කියන්නේ අපේ ජාතික චින්තනයේ කොටසක්. අද කොතලාවල මහත්මිය ආරම්භ කළ කුළුබඩු සහ තේ කොළ ව්‍යාපාරය ජාතික චින්තනයේ කොටසක්. අද ඉඳන් ජාතික චින්තනයේ ඉදිරි ගමන ගෙනියන්න ඇයත් කොටස්කාරියක් වෙනවා. කාන්තාවන් ව්‍යාපාරවලට සම්බන්ධ වීම ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. මේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇයට මම මගේ පුර්ණ සුභාෂිංසනය පිරිනමනවා “

කේ ඇන්ඩ් ඩී සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂක ගාමිණී සිල්වා

“මම ව්‍යාපාරිකයෙක් නෙමෙයි ව්‍යවසාහකයෙක්. මම තනුජාව හඳුනා ගත්තේ 1997 වර්ෂයේදී . එදා ඉඳන් අපි හොඳ මිතුරෝ .ඇය සතුව හොඳ ව්‍යවසායක හැකියාවන් තියෙන බව මම ඒ කාලේ ඉඳන්ම දැනගෙන හිටියා. ඇයගේ ව්‍යවසායක හැකියාවන් තුළින් අද හොඳ අංශයකට ගිහින් තියනවා. මුල්‍ය පහසුකම් සොයා ගැනීමේ ගැටලුව, වෙළෙඳපළ සොයා ගැනීමේ ගැටලුව, සන්නාමයක් නිර්මාණය කිරීමේ ගැටලුව යන ගැටලු 03 සාමාන්‍ය මට්ටමේ ව්‍යවසාහකයන්ට තියනවා. ඇය මේ ව්‍යාපාරය ආරම්භ කළේ මේ ප්‍රශ්නවලට යම් විසඳුමක් සොයා ගෙන. දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් මේ ව්‍යාපාරයට වෙළෙඳපළක් ති‍ෙයනවා. ලබන සතියේදී කැනඩාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, සහ ඉතාලිය යන රටවල් හතරටම අපිට සැපයුම් කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඉස්සර ටොරානා කියන එකෙන් අපිව පිනෙව්වේ ඇස් දෙකයි කනයි. දැන් අපේ දිව පිනවන්න යනවා. මේ ව්‍යාපාරයේ ග්‍රීන් ටී, ප්‍රිමියම් බ්ලැක් ජින්ජ ටී, සිංගල් ඕගනික් ප්‍රිමියම් ටී. එක්ට්‍රා ස්ට්‍රොන්ග් යනාදී තේ වර්ග වගේ ම තුනපහ වර්ග කිහිපයක් තියනවා. අපේ රටේ තේවලින් අපි ජාත්‍යන්තරය ජය ගෙන තියනවා. ඒ නිසාම ලංකාවේ තේවලට වෙළෙඳපළ තරඟකාරීත්වය වැඩියි. අපේ රටේ අයට බාල දේවල් දීලා විදේශිකයන්ට ගුණාත්මක දේවල් දෙන ව්‍යාපාරිකයන් බොහෝමයක් ඉන්නවා. ඒ වුණත් තනුජා විදේශිකතයන්ට වගේ ම අපේ රටේ අයටත් දෙන්නේ ගුණාත්මක දේ. ඒ දෙය ඇයගේ ව්‍යාපාරයේ දියුණූවට විශාල අත්වැලක් වෙනවා “

ඩිජිටල් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක – බර්ට්‍රම් නිහාල්

“මේ අවස්ථාවට ආරාධනා කළාට මම විශේෂයෙන් තනුජා කොතලාවල මහත්මියට ස්තූතිවන්ත වෙනවා. ඇයගේ නව ව්‍යාපාරය සර්වප්‍රාකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අ‍ෙලවිකරණ සංකල්පයක් තියනවා. ලෝකය පුරා විහිදී තිබෙන නූතනවාදය තුළින් කොතරම් මානුෂීය ගුණාංග ඉස්මතු වෙනව ද කියලා ප්‍රශ්නය මතු වෙනවා. කොවිඩ් – 19 පසුව වෙනස් මානයකින් බලන්න මිනිස්සු පුරුදු වුණා. මහා පරිමාණ ව්‍යාපාරවලට දැන් දැන් මානුෂීය ගුණාංග ආරෝපණය කරන්න පුළුවන්කම ලැබිලා තියනවා. සංචාරක ව්‍යාපාර වගේ ව්‍යාපාරවලට මානුෂිය මුහුණුවරක් දීලා තියනවා. ලෝකයේ සියලු ව්‍යාපාර මානුෂීය තත්ත්වයකට පත් කරන්න ඕන. ඒ මගින් විශාල ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වේවි“

සටහන- මදාරා මුදලිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here