කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් ඉලෙක්ට්‍රොනික වාර්තා ප‍්‍රවර්ධනය වෙනුවෙන් ස්වයං ලියාපදිංචිය සක‍්‍රීය කරයි

0
23

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට තම මාසික වාර්තා තැපැල් මගින් පැමිණෙන තුරු බලා නොසිට බැංකුවේ වෙබ් අඩවියේ ස්වයං ලියාපදිංචි වීම මගින් එම වාර්තා ඉලෙක්ට්‍රොනිකව ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

දැනටමත් ආසන්න වශයෙන් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගෙන් 45% ක් පමණ ඉලෙක්ට්‍රොනික වාර්තා තෝරාගෙන තිබෙන බවත් හඳුන්වාදී තිබෙන ස්වයං ලියාපදිංචිවීමේ ක‍්‍රමය තුළින් මෙම ප‍්‍රතිශතය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව බැංකුව සඳහන් කරයි.

මේ ආකාරයෙන් ගනුදෙනුකරුවන් කැපී පෙනෙන ලෙස ඉලෙක්ට්‍රොනික වාර්තා වලට යොමුවීම වර්ධනය වීම එම ගනුදෙනුකරුවන්ට පහසුවක් මෙන්ම බැංකුවේ කඩදාසි භාවිතය අඩුකරමින් පරිසරය රැකගැනීමට බැංකුව ක‍්‍රියාත්මක කරන වැඩසටහන් වලට සහයෝගයක් වන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව හඳුන්වා දී තිබෙන ස්වයං ලියාපදිංචි වීමේ පහසුකමෙන් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන් කළ යුත්තේ බැංකුවේ වෙබ් අඩවියට පිවිස ස්වයං ලියාපදිංචිවීමේ කොටසට පිවිස ‘e-statements only’ යන්න තෝරා ගැනීම පමණි. මේ ආකාරයෙන් ගනුදෙනුකරුවන් සාර්ථකව ලියාපදිංචි වූ පසුව ඒ පිළිබඳව ඊ-මේල් පණිවුඩයකින් දැනුම් දෙන අතර ඊළඟ මාසයේ සිට ක්‍රෙඩිට් කාඞ් බිල්පත ඉලෙක්ට්‍රොනික වාර්තාවක් ලෙස ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. මෙම ලියාපදිංචි වීමේ ක‍්‍රියාවලිය OTP (one time password) තුළින් ආරක්ෂිත කර තිබෙන අතර එහි අරමුණ වන්නේ දත්ත ආරක්ෂණය සිදුකිරීමයි. මේ නිසා, මෙම පහසුකම සක‍්‍රීය කර ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවකට යායුතු නොවේ.

මේ ආකාරයෙන් ඉලෙක්ට්‍රොනික වාර්තා වලට මාරුවීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ප‍්‍රමාදයකින් තොරව තම වාර්තා ගෙන්වා ගැනීමට මග පෑදෙනවාට අමතරව මෙවැනි වාර්තා සකසා මුද්‍රණය කර තැපැල් කිරීම සඳහා ගතවන විශාල සම්පත් ප‍්‍රමාණයක් ඉතිරිකර ගැනීමට අවස්ථාව උදාවේ. මෙම ක‍්‍රියාවලිය තවදුරටත් පහසුකරමින් මෙම ඉලෙක්ට්‍රොනික වාර්තා වලට ගනුදෙනුකරුවන්ගේ ජංගම දුරකතනයෙන්  ඕනෑම ස්ථානයක සිට  ඕනෑම වේලාවක ප‍්‍රවේශවීමේ අවස්ථාවද හිමිවේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here