කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් අන්තර්ජාල ගෙවීම් නව මානයකට ඔසවයි

0
23

අන්තර්ජාලය ඔස්සේ රක්ෂණ වාරික මුදල් ඉතාමත් සුරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීමට පහසුකම් සැලසීම සඳහා ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් දෙදෙනෙකු වන කොමර්ෂල් බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් සමාගම ඒකාබද්ධ වී තිබෙන අතර මේ අරමුණ වෙනුවෙන් පහසු ගෙවීමේ සැලසුම්ද හඳුන්වා දී තිබේ.

මේ අනුව, සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) සේවා සම්පාදකයා ලෙසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර  ඕනෑම බැංකුවකින් නිකුත් කර තිබෙන  ඕනෑම සන්නාමයකින් යුතු ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඞ්පත් භාවිතා කරන්නන්ගේ අන්තර්ජාල ගෙවීම් අත්දැකීම මෙහිදී පුළුල් කර තිබේ. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පතකින් රක්ෂණ වාරික මුදල් ගෙවීමේදී පහසු ගෙවීමේ සැලසුම් ලබාදීමට ද සමාගම විසින් කටයුතු කර ඇත.

මෙහිදී, පහසු ගෙවීමේ සැලසුමකින් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් සිය රක්ෂණ වාරික ගෙවීමේ පිළිවෙල වසරකට දෙවරක් හෝ එක් වරක් ලෙස පරිවර්තනය කළ යුතු අතර එයට අනුව මාස හයේ හෝ මාස දොළහේ වාරික විකල්පයක් තෝරාගෙන තමන්ගේ කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඞ්පත මගින් මෙම ගෙවීම් කළ යුතුවේ. රක්ෂණ ඔප්පුවේ ගෙවීම් පැහැර හැරී ගොස් තිබෙන අවස්ථාවක හිඟ රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහාද මෙම පහසු ගෙවීමේ සැලසුම් විකල්පය භාවිතා කළ හැකිවේ.

අඅඅගජැහකසබජදකසෙැගජදප වෙබ් අඩවිය මගින් සිදුකරන අන්තර්ජාල ගෙවීම් ක‍්‍රියාවලිය මාස්ටර්කාඞ් පේමන්ට් ගේට්වේ සර්විසස් (MPGS) හරහා කොමර්ෂල් බැංකුව විසින් සවිබල ගන්වනු ඇත. මෙහිදී, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට මෙම වෙබ් අඩවියට පිවිස තමන්ගේ රක්ෂණ ඔප්පුවේ අංකය ඇතුළත් කර වීසා, මාස්ටර්කාඞ් හෝ යුනියන්පේ සන්නාමයෙන් යුතු ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් මගින් තමන්ගේ ජීවිත රක්ෂණ වාරික ගෙවිය හැකිවේ.

‘ශ‍්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන MPGS භාවිත ජාලයට සෙලින්කෝ ලයිෆ් සමාගමත් එක්වීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා පැවසීය. ‘තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන ඊ-වාණිජ්‍යය අත්දැකීම් ඉහළ දැමීමට බලාපොරොත්තු වන ව්‍යාපාර වලට MPGS පද්ධතිය මගින් පරිපූර්ණ වූ විසඳුමක් ලබාදෙනවා.’

කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගෙවීම් ද්වාර (IPG) විසඳුම මගින් ඉතාමත් ආරක්ෂිත සහ පිරිවැය සඵලතාවයෙන් යුක්ත අන්තර්ජාල මිලදීගැනීම් සඳහා මග පාදන අතර එය සම්පූර්ණයෙන්ම ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂිත ප‍්‍රමිති (PCI-DSS) අවශ්‍යතාවයන්ට අනුකූල වේ.  මෙහිදී, අන්තර්ජාලය ඔස්සේ පළමු වරට වාරික මුදල් ගෙවන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් කළ යුත්තේ තමන්ගේ කාඞ්පතේ තොරතුරු (කාඞ්පතේ අංකය, අවසන් වන දිනය සහ කාඞ්පත් හිමියාගේ සහතික අංකය) ඇතුළත් කිරීම පමණි. ඉන්පසුව කාඞ්පතේ තොරතුරු ඇතුළත් කිරීමකින් තොරව එතැන් සිට ගනුදෙනු කිරීමට රක්ෂණ ඔප්පු හිමියාට අවස්ථාව උදාවේ.

MPGS විසින් ඉතාමත් පුළුල් වංචා දුරලන උපක‍්‍රම මාලාවකට ප‍්‍රවේශය ලබාදෙන අතර PHP, Java සහ C Sharp වැනි බහු භාෂා ඒකාබද්ධ විකල්පයන් ලබාදෙයි. මීට අමතරව, විවිධ උපකරණ භාවිතා කරන්නන්ට පහසු අත්දැකීමක් ලබාදීමට සකස් කර තිබෙන  tokenization සහාය සහිත ගෙවීම් තිරද මෙහිදී ලබාදෙනු ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here