දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව විවෘත කෙරේ

0
49

“සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය” ව්‍යාපෘතිය යටතේ සමුද්‍ර පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේ වැඩකටයුතු ආරම්භ කිරීම, පේරාදෙණිය රෝහල ඉදිරිපිට උමං මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීම අද (02) සිදුකෙරුණි.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි සමරු ඵලක විවෘත කිරීම සිදුකළේ අරලියගහ මන්දිරයේ සිටය.

“සෞභාග්‍යයේ මංපෙත් විප්ලවය” ව්‍යාපෘතිය යටතේ,  චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරිම් සංස්ථාව විසින් රුපියල් මිලියන 4,999 ක මුදලක් වියදම් කරමින් ඉදිකරනු ලබන සමුද්‍ර පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණි. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි සමරු ඵලක විවෘත කළේය.

එම ව්‍යාපෘතිය 2023 වසරේ අවසන් කිරීමට නියමිතය.

මේ අතර චීනයේ හුනාන් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරින් ගෘප් කෝපරේෂන් සමාගම රුපියල් මිලියන 127ක ඉදිකළ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උමං මාර්ගය අද අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

ඉන් අනතුරුව රුපියල් මිලියන 445ක වියදමින් කැතික් චීන සමාගම විසින් ඉදිකරනු ලැබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට පත් කිරීමද සිදුවිය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 130ක් දුරින් හමුවන සැතපුම් කණුව අසල මාතර – හක්මන මාර්ගයේ කොළඹ දිශාවට ප්‍රවිශ්ට වීමට හා පිටවීමට මෙම අන්තර් හුවමාරුව විවෘත කර තිබේ.

අන්තර් හුවමාරුව ඉදිකිරීමට ගතව ඇත්තේ මාස 5කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here