ආහාර සුරක්ෂිතතාව සහ ඒ සඳහා ඇති අභියෝග

0
34

රටක සියලූ ජනතාවට ඕනෑම අවස්ථාවක භෞතිකව ප‍්‍රමාණවත් ලෙස සුරක්ෂිත, පෝෂ්‍යදායි ආහාර ආර්ථික හැකියාව අනුව ලබාගත හැකි වීම හා ක‍්‍රියාශීලි සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා තමන්ගේ කැමැත්ත අනුව කරදරයකින් /බාධාවකින් තොරව ආහාර ලබාගැනීමට හැකිවීම එම රටේ ආහාර සුරක්ෂිතාව ලෙස අර්ථ දක්වා ඇත”.

මෙම අර්ථ දැක්වීම අනුව ශ‍්‍රී ලංකාවේ දැනට ආහාර සුරක්ෂිතතාව පවතීද යන්න ගැටලූකාරී වෙයි. අප ප‍්‍රායෝගික බැලූවිට ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ට කැමති පරිදි පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව පවතී ද යන ප‍්‍රශ්නයට ප‍්‍රායෝගික උත්තරය නැත යන්නයි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ආරක්ෂිත නොවූවත් අවශ්‍ය පෝෂණය නොපැවතුනත් කුමක් හෝ ආහාරයක් ලබා ගැනීමේ හැකියාව ප‍්‍රායෝගිකව බොහෝ දෙනකුට පවතී.

වර්තමානයේ ශ‍්‍රී ලංකාවට හා ලෝකයට පොදුවේ මුහුණ පාන්නට සිදු වී ඇති නව කොරෝනා වෛරස වසංගත තත්ත්වය යටතේ ලෝකයේ බොහෝ රටවල් තවමත් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අකර්මන්‍ය වී ඇත. එමනිසා සියලූ නිෂ්පාදන කාර්යයන් ඉතාමත් මන්දගාමී වී ඇත. කාර්මික නිෂ්පාදන මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනයද මන්දගාමී වී ඇත. මේ අතරින් කාර්මික නිෂ්පාදන  මන්දගාමී වීමට වඩා කෘෂි කාර්මික ආහාර නිෂ්පාදනය  මන්දගාමී වීම ලෝකවාසී ජනතාවට විශාල බලපෑමක් ඇති කරයි. මේ පිළිබදව දැනටමත් ලෝකයේ විවිධ සංවිධාන අනතුරු හඟවා ඇත, ලෝක ආහාර වැඩසටහන අනතුරු හඟවන්නේ ලෝක ජනතාවගෙන් බිලිනයකට වඩා ජනතාවකට පවතින තත්ත්ව යටතේ ආහාර සපයා ගැනීම දුෂ්කර වන බවයි. මානව ජන ජීවිතය සඳහා ආහාර අත්‍යඅවශ්‍ය සාධකයක් වන බැවින් ආහාර නිෂ්පාදනය හා සැපයීම අඩාල වීම නව කොරෝනා වෛරස වසංගතයෙන් සිදුවන බලපෑමට වඩා විශාල වන බව මෙයින් පෙනී යයි. එබැවින් රටක් ආහාරවලින් ස්වයංපෝෂිත වීමට, එනම් ආහාර සුරක්ෂිතතාව ඇති කරගැනීම අනෙකුත් සියලූ කාරණාවලට වඩා වැදගත් වන බව පෙනීයන කරුණකි. දැනට පවතින මෙවැනි ගෝලීය වසංගත ආපදා තත්ත්ව යටතේ අප රටට අවශ්‍ය ආහාර වෙනත් රටකින් බලාපොරොත්තු විය නොහැක. එමනිසා අප රටට අවශ්‍ය ආහාර අප රටේම නිපදවා ගැනීම එනම් ආහාරවලින් ස්වයංපෝෂිත සුරක්ෂිත වීම ඉතාමත් වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ රජය මෙය තත්ත්වය අවබෝධ කරගෙන අප රටට අවශ්‍ය ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබීම අපට සතුටු විය හැකි කාරණයකි.

රටක ආහාර සුරක්ෂිතතාව යනු කුමක්ද මේ සඳහා විවිධ අර්ථදැක්වීම් පවතින නමුත් බොහෝ දෙනා භාවිත කරන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය) විසින් ආහාර සුරක්ෂිතතාව සඳහා කරනු ලැබූ අර්ථ දැක්වීමේ සිංහල පරිවර්තනයක් පහත දක්වා ඇත.

”රටක සියලූ ජනතාවට ඕනෑම අවස්ථාවක භෞතිකව ප‍්‍රමාණවත් ලෙස සුරක්ෂිත, පෝෂ්‍යදායි ආහාර ආර්ථික හැකියාව අනුව ලබාගත හැකි වීම හා ක‍්‍රියාශීලි සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා තමන්ගේ කැමැත්ත අනුව කරදරයකින් /බාධාවකින් තොරව ආහාර ලබාගැනීමට හැකිවීම එම රටේ ආහාර සුරක්ෂිතාව ලෙස අර්ථ දක්වා ඇත”.

මෙම අර්ථ දැක්වීම අනුව ශ‍්‍රී ලංකාවේ දැනට ආහාර සුරක්ෂිතතාව පවතීද යන්න ගැටලූකාරී වෙයි. අප

ප‍්‍රායෝගික බැලූවිට ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ට කැමති පරිදි පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමේ හැකියාව පවතී ද යන ප‍්‍රශ්නයට ප‍්‍රායෝගික උත්තරය නැත යන්නයි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ආරක්ෂිත නොවූවත් අවශ්‍ය පෝෂණය නොපැවතුනත් කුමක් හෝ ආහාරයක් ලබා ගැනීමේ හැකියාව ප‍්‍රායෝගිකව බොහෝ දෙනකුට පවතී. නමුත් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට හා ජනතාවගේ නිරෝගි දිවියක් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පෝෂණීය ආහාර වේලක් සැමදෙනාටම ලැබීම් සහතික විය යුතුය. මෙහිදී පෝෂණීය ආහාර වේලක් යනුවෙන් අදහස් කරන ආහාර පිළිබඳව හා ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීම සඳහා අපට ඇති බාධා මොනවාද යන්න පැහැදිලි කර ගැනීම අප රටේ ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීමට ඉතාමත් වැදගත් වේ.

පෝෂණීය ආහාර වේලක් පිළිබඳව සමාජයේ බොහෝ දෙනකුට නිසියාකාර දැනුමක් නොමැති බව පෙනීයයි. එබැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීම වැදගත් වේ. පෝෂණය ආහාර යනුවෙන් අදහස් කරනුයේ මිනිස් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය සංඝටක එනම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ ඛනිජ ලවණ විටමින් සමතුලිත ලැබෙන ආහාර වේලක් වන අතර මෙම පෝෂ්‍ය ඝංටක පහත වගුවේ පරිදි විවිධ ආහාර මගින් ලබා ගත හැක. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයෙන් ලබා ගත හැකිය.

තවද මෙම පෝෂ්‍ය ඝංඝටක අවශ්‍යතාව වයස, ස්ත‍්‍රී පුරුෂ භාවය ජීවන රටාව එනම් කය වෙහෙසන/නොවෙසවන යන කාරණා අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. නමුත් මෙහිදී පැන නගින ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ පෝෂදායී සමතුලිත ආහාර වේලක් අප හැමදෙනාටම ශ‍්‍රී ලංකාව තුළ අපගේ ආදායම් තත්ත්වය මත ලබා ගැනීමට නොහැකි වීමයි. එයට ප‍්‍රධාන හේතුව වන්නේ ශ‍්‍රී ලංකාවේ ආහාර මිල ගණන් සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමයි. එබැවින් අපට ලැබෙන ආදායමෙන් වැඩි ප‍්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කිරීමට සිදුවීමයි. දියුණු රටවල පුරවැසියන්ට ලැබෙන ආදායමට සාපේක්ෂව ආහාර මිල පහළ මට්ටමක පවතින නිසා සියලූ ආදායම් මට්ටම් වල ජනතාවට පෝෂදායී සමතුලිත ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව පවතියි. නමුත් ශ‍්‍රී ලංකාව තුළ ආහාර වර්ග අවශ්‍ය ප‍්‍රමාණයට නිෂ්පාදනය නොවීම හා ඉහළ අස්වනු හානිය නිසා බොහෝ ආහාර මිල ගණන් ඉහළ අගයක් ගනීයි. එමනිසා නිෂ්පාදනය වැඩි කර හානිය අවම කර ආහාර සුලභ කරගත්හොත් බොහෝ දෙනකුට අඩු මිලකට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව ඇති කර ගත හැකිවේ. මෙහිදී අපට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ ආහාර නිෂ්පාදනය වැඩි කරගන්නේ කෙසේද යන්නයි. ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු ප‍්‍රශ්නයක් වන්නේ ජනගහනය සීග‍්‍රයෙන් වැඩි වීම හා ආහාර සඳහා ඇති ඉල්ලූම ඉහළ යෑමයි, තවද වැඩිවන ජනගහනයට අවශ්‍ය වාසස්ථාන සඳහා ආහාර නිෂ්පාදනය කළ හැකි සාරවත් ඉඩම් යොදාගැනීම නිසා ආහාර නිෂ්පාදනය සඳහා භූමිය සීමිත වෙමින් පවතින නිසා වැඩිවන ඉල්ලූමට ආහාර නිපදවීමට බාධා වීමයි. මෙම තත්ත්වය ශ‍්‍රී ලංකාව වැනි ජන ජනගහනය වර්ධනය වැඩි නිසි ඉඩම් පරිහරන සැලසුමක් ක‍්‍රියාත්මක නොවන දියුණු වෙමින් පවතින රට වල ආහාර නිෂ්පාදිත සඳහා ප‍්‍රබල බලපෑමක් ඇති කරයි. තවද විශාල පසු අස්වනු හානියද දියුණු වෙමින් පවතින රට වල ආහාර නිෂ්පාදනය අඩු වීමට බලපාන ප‍්‍රධාන සාධකයකි. මේ තත්ත්වයට විසඳුමක් ලෙස භූමි ඒකකයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම, එනම් භූමියේ ඵලදායිතාව වැඩි කිරීම පෙන්වා දිය හැක. නමුත් අඩු භූමි ප‍්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට නම් නවීන තාක්‍ෂණය භාවිත කිරීමට සිදුවෙයි. එනම් වැඩි අස්වැන්නක් දෙන දෙමුහුන් බීජ භාවිතය, කෘතීම පොහොර භාවිතය, කෘමිනාෂක හා වල්නාශක භාවිතය ආහාර නිෂ්පාදනය සඳහා ඇති නවීන කෘෂි තාක්ෂණ ක‍්‍රම ලෙස හඳුන්වා දිය හැක. නමුත් මෙම කෘෂි තාක්ෂණ ක‍්‍රම නිවැරදි ලෙස භාවිත නොකළහොත් එමගින් කෙටි කාලීනව කෘෂි නිෂ්පාදනය වැඩි වුවත් දිගු කාලීනව පස නිසරුවීම පරිසර සමතුලිත තාවය බිඳවැටීම පරිසරය දුෂණය වීම හා ආහාර වලට වස විස එකතු වීම වැනි දේ නිසා ආහාර නිෂ්පාදනයට බාධා ඇති වීම සිදු වේ. ශ‍්‍රී ලංකාවේ අප දැනට මේ තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නෙමු, කෘෂි තාක්ෂණ ක‍්‍රම නිවැරදි ලෙස භාවිත නොකිරීම නිසා දැනට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනයේදී ගැටලූ වලට මුහුණ පා සිටින්නෙමු. එනම් නිවැරදි ලෙස කෘතීම පොහොර, කෘමිනාෂක හා වල්නාශක භාවිත නොකිරීම නිසා ශ‍්‍රී ලංකාවේ බොහෝමයක් වී වගා කරන කුඹුරු ඉඩම් වල ඵලදායිතාව අඩු වෙමින් පවතීම හා සහල් වලට රසායනික එකතු වීම වැනි දේ නිරීක්ෂණය කළ හැක. එබැවින් ආහාර නිෂ්පාදනයට නවීන තාක්ෂණ ක‍්‍රම භාවිතයේ දී ඒවා නිවැරදිව භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. නමුත් අපගේ බෝග වගා කරන්නන් බොහොමයක් බෝග නිෂ්පාදනයේදී කෘෂි තාක්ෂණ ක‍්‍රම නිවැරදි ලෙස භාවිත කරනු නොලබයි. එනම් පසේ ශාක පෝෂක ප‍්‍රමාණය පරීක්ෂා කිරීමක් නොකර අවශ්‍ය ප‍්‍රමාණයට වඩා කෘතීම පොහොර භාවිතය, අවශ්‍යතාව කෘමීන් හා වල් පාලනය වුවත් කෘමීන් හා වල් සහමුලින්ම මර්දනය කිරීමට මෙන් කෘමීනාෂක හා වල්නාශක පාලනයෙන් තොරව අධි සාන්ද්‍රණයෙන් අනවශ්‍ය ලෙස යෙදීම නිසා අපගේ පරිසරය දැඩි ලෙස ¥ෂණයට ලක්වීම, පස නිසරු වීම හා ආහාර වලට වස විස එකතු වීම සිදුවෙයි. මේ මගින් නැවත භූමියේ ඵලදායිතාව අඩුවීම මගින් බෝග නිෂ්පාදන බලපෑම් ඇති වේ. වස රසායනික ඇති ආහාර පරිභෝජනය කිරීමෙන් නොයෙකුත් රෝග ආබාධ ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වය දැන් අපි අත්විඳිමින් සිටින්නෙමු. මෙයට විසඳුමක් ලෙස දෙමුහුන් නොවූ පැරණි බීජ භාවිතය කාබනික පොහොර භාවිතය හා පළිබෝධ නාශකවලින් තොරව කෘෂිකාර්මික බෝග නිෂ්පාදනය යෝජනා කරති. නමුත් මෙම ක‍්‍රම පරිසර හිතකාමී වුවත් මෙමගින් නිපදවා ගත හැක්කේ සාපේක්ෂව අඩු ආහාර ප‍්‍රමාණයකි. අතීතයේදි සිටි අඩු ජනගහනය සඳහා මෙමගින් ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් සිදුවුවත් වර්තමානයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය ප‍්‍රමාණයට ආහාර නිපදවීමට මෙම පැරණි ක‍්‍රම උචිත නොවූ නිසා මා ඉහත විස්තර කළ පරිදි භූමි ඒකකයකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම එනම් භූමියේ ඵලදායිතාව වැඩි කිරීමට නවීන කෘෂි තාක්ෂණ ක‍්‍රම භාවිත කිරීමට සිදු විය. මෙයට විසඳුමක් ලෙස ජන ජනගහනය වර්ධනය වේගය පාලනය කිරීම ගත හැකි නමුත් එය ප‍්‍රායෝගික නොවේ. එබැවින් මෙයට ඇති හොඳම විසඳුම වන්නේ නවීන කෘෂි තාක්ෂණ ක‍්‍රම නිවැරදි ලෙස භාවිත කිරීම හා පර්යෙෂණ මගින් පරිසර හිතකාමී නව කෘෂි තාක්ෂණ ක‍්‍රම හඳුනාගැනීමයි. එනම්, ජීව පොහොර (ඊසද ෙැරඑසකස‘ැර) යොදා ගැනීම, පසේ ශාක පෝෂක ප‍්‍රමාණය පරීක්ෂා කර පසේ අඩුවෙන් ඇති පෝෂක පමණක් අවශ්‍ය ප‍්‍රමාණයට පිටතින් ලබාදීම, කෘමිනාශක හා වල්නාශක කෘමීන් හා වල් පාලනයට නිර්දේශිත ප‍්‍රමාණ වලින් පමණක් යෙදීම වැනි නිවැරදි තාක්ෂණය භාවිතය, එවිට පරිසරයට හානිය අවමකර සෞඛ්‍ය ආරක්ෂිත වැඩි කෘෂි නිෂ්පාදනයක් ලබා ගැනීම හැකිවේ. මෙම කෘෂි තාක්ෂණය නිවැරදි භාවිතය මගින් සෞඛ්‍ය ආරක්ෂිත කෘෂි ආහාර නිෂ්පාදනය සඳහා ප‍්‍රමිතිකරණයක් හඳුන්වා දී ඇත. එය හොඳ/යහපත් කෘෂිකාර්මික ක‍්‍රම (ඨදදා ්ටරසජමකඑමර්ක ඡුර්ජඑසජැි) යනුවෙන් හඳුන්වයි. මෙමගින් පරිසරයට අවම හානියකින් කෘෂි තාක්ෂණ ක‍්‍රම නිවැරදි ලෙස භාවිතයෙන් වගා කර සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර නිපදවීමේ ප‍්‍රමිතිකරණය වෙයි. මේ ප‍්‍රමිතිකරණය පිළිබඳ වැඩිදුර තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයෙන් ලබා ගත හැක.

අප රටේ ආහාර බෝග වල මිල වැඩිවීමට (විශේෂයෙන්ම එළවළු හා පලතුරු මිල වැඩිවීමට) බලපාන අනෙක් ප‍්‍රධාන සාධකය වන්නේ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු සිදුවන විශාල පසු අස්වනු හානියයි. විවිධ බෝග වර්ග අනුව පසු අස්වනු හානියද වෙනස් වෙයි. කෘෂි නිෂ්පාදන එය නිෂ්පාදනය කරනු ලබන අන්තයේ සිට පරිභෝජනය කරනු ලබන අන්තය දක්වා අතර තුර විවිධ ක‍්‍රියාකාරකම් හා සේවාවන්ගෙන් සමන්විත සංකීර්ණ වූ පසු අස්වනු ක‍්‍රියාවලියකට භාජන වේ. මෙම සංකීර්ණ ක‍්‍රියා දාමය පුරා කෘෂි නිෂ්පාදනවල විශාල පසු අස්වනු හානියක් මෙන්ම ගුණාත්මකභාවය අඩු වීමක් සිදුවේ. නිසි පරිනත අවස්ථාවේ දී එළවළු හා පලතුරු ඵලදාව නෙළීමට අපොහොසත් වීම, තේරීම හා වර්ග කිරීම සිදු නොකිරීම, අපරික්ෂාකාරී පරිහරණය, ප‍්‍රවේශම් විරහිත බෑම් හා පැටවීම්, නිසි පරිදි ඇසුරුම් නොකිරීම නිසි පරිදි ප‍්‍රවාහනය නොකිරීම හා ගබඩා කිරීම සඳහා අවශ්‍ය පරිසර තත්ත්ව ලබාදෙන ශීතාගාර පහසුකම් නොතිබීම නිසා එළවළු හා පලතුරු එලිමහනේ තැබීම වැනි නුසුදුසු පසු අස්වනු ක‍්‍රියාකාරකම් නිසා එළවළු හා පලතුරු 30% -40% ප‍්‍රමාණයක පසු අස්වනු හානියක් සිදු වේ. ධාන්‍ය හා මාංශ බෝගවල මෙම අගය දළ වශයෙන් සීයයට දහයක් පහළොවක් (10%-15%) අගයක් ගනී. එනම් එළවළු පලතුරු වල මුළු නිෂ්පාදනය කිලෝ සියක් ලෙස ගතහොත් එයින් කිලෝ තිහක් – හතළිහක (30 -40) ප‍්‍රමාණයක් පරිභෝජනය කරන අවස්ථාව වන හානි වීම නිසා ඉවත් කිරීමට සිදුවේ. මෙම හානි වීම නිසා නිෂ්පාදනය වෙළෙඳපොළේ අඩුවන බැවින් වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවෙයි. එලෙසම වෙළෙන්දා මෙම හානි වීම නිසා සිදුවන පාඩුව ගොවි මහතාගෙන් හා පාරිභෝගිකයාගෙන් අය කර ගන්නා නිසා පාරිභෝගිකයාට වැඩි මිලක් ගෙවීමට සිදු වනවා මෙන්ම ගොවි මහතාගෙන් අඩු මිලට මිලදී ගනියි. එබැවින් ගොවි මහතාට තම නිෂ්පාදනය සඳහා ලැබෙන මුදල අඩු අගයක් ගනී. එබැවින් ගොවි මහතාට හා පාරිභෝගිකයාට සාධාරණයක් වීමටත් හා ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මෙම විශාල පසු අස්වනු හානිය අවම කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වෙයි.

ආචාර්ය චම්පති ගුණතිලක
ප‍්‍රධාන විද්‍යඥ
ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ
සංවර්ධන ආයතනය

divaina.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here