පෝළිම් නැති, දේශපාලන බලපෑම් නැති එන්නත්කරණ වැඩසටහනක්

0
24

මේ දිනවල ශ්‍රී ලංකා වේ විවිධ ප්‍රදේශවල කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

බොහෝ ස්ථානවල ගැටලු මතුවේ. ජනතාව විශාල වශයෙන් පෝළිම්වල පැය ගණන් රස්තියාදු වෙති.

ඇතැම් ස්ථානවල දේශපාලන මැදිහත්වීම් ද සිදුවේ.

ඊට ආසන්න ම සිදුවීම පසුගිය දා මොරටුව ප්‍රදේශයෙන් වාර්තා විය.

ශ්‍රී ලංකා වේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට නව අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හඳුන්වාදීමට ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සමත්වී තිබේ.

එම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකරනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමවේදයකට අනුවය.

එම එන්නත්කරණ වැඩසටන ගැන අදහස් දැක්වූ කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය,

“මේ එන්නත්කරණය ගැන ආරංචි වූ වහාම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපි මේ සඳහා පරිගණක සිස්ටම් එකක් නිර්මාණය කළා. ඒ අනුව ප්‍රදේශවාසීන් දැනුවත් කළා ඔන්ලයින් ඔස්සේ ඒ සඳහා රෙජිස්ටර් වන ලෙසට. ඒ වාගේම තමයි ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නට බැරි අය සඳහා අයඳුම්පත්‍රයන් නිවාස වෙත යවනු ලැබුවා. ඉතින් ඒ අනුව ලියාපදිංචි කරගත් සියලු අය සඳහා කෙටි පණිවිඩයක් හරහා දිනය හා වේලාව ඔවුන්ට දැනුවත් කළා. ඒවාගේම ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය කෙටි පණිවුඩයට යෙදුවා. ඒ අනුව එම කෙටි පණිවුඩය පෙන්නලා මෙතනින් ඇතුළු වෙන්නට පුළුවන්. ඒ කෙටි පණිවුඩයේ තිබෙන වේලාවට කලින් එන අය කිසිවෙක් අපි කලින් ඇතුළු කර ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියමිත වෙලාවට වාගේම මේ කටයුතු ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂමව ඉටුකිරීමට පුළුවන් වුණා. “

එන්නත ලබාගත් ජනතාව කියා සිටියේ තමන් ඔන්ලන් රෙජිස්ටර් වූ බවත් කෙටි පණිවිඩයේ සඳහන් කර තිබූ වේලාවට පැමිණ පෝළිමේ නොසිට එන්නත්කරණය සිදුකර ගත් බවත්ය.

මේ අතර මේ අතර මහනුවර, රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවල එන්නත්කරණය අද (30) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව පුද්ගලයින් 512 දෙනෙකුට ලබාදී ඇති අතර ඒ අනුව එම දෙවන මාත්‍රාව ලැබූ සමස්ත ගණන 343,805කි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 21,477 දෙනෙකුට ලබාදී අතර මේ දක්වා 601,508 දෙනෙකු එහි පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.

ස්පුට්නික් V එන්නතේ පළමු මාත්‍රාව මේ දක්වා ලබාගත් සමස්ත පුද්ගලයින් ගණන 14,984කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here