හැටට වැඩි අයට හෙට සිට එන්නත්

0
78

කොවැස්ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හෙට (08) සිට එන්නත්කරණය අරඹන බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් මාර්ගෝපදේශ යටතේ එන්නත්කරණය සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. 

එන්නත් මාත්‍රා 264,000කින් යුත් අදාළ එන්නත් තොගය අද අලුයම දිවයිනට රැගෙන ආ අතර එය භාරගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

“සඳුදා ඉඳලා වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙනුවෙන් මේ එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා,” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here