ගුවන්තොටුපොළ කාර්ය බහුල වෙයි

0
28

වාණිජ ගුවන් ගමන් සඳහා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු උදෑසන 08.30 දක්වා කාලය තුළ ගුවන් ගමන් 20ක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම කාල සීමාව තුළ ගුවන් යානා 08ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර මගීන් 213 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බව “අද දෙරණ“ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

ඒ අනුව සෞදි අරාබියෙන් 76 දෙනෙක්, ඕමානයෙන් 50 දෙනෙකු සහ දකුණු කොරියාවෙන් 13 දෙනෙකු පැමිණ තිබේ.

මේ අතර අදාළ කාලසිමාව තුළ ගුවන් යානා 12කින් ගුවන් මගීන් 542ක් කටුනායක ගුවන් තොටුපොළෙන් විදෙස් රටවල් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here