යුද හමුදාව අද සිට භාරගත් තවත් වගකීමක්

0
123

මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීම අද (01)සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදා මූලස්ථානයේ දී අද පෙරවරුවේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“අදින් ඇරඹෙන වසරේ දීත් අප්‍රමාදව දැඩි කැපවීමෙන්, වගකීමෙන් යුතුව ඔබට පැවරෙන රාජකාරී ඉටුකළ යුතු බව අවධාරණය කර සිටිනු ලබනවා. යුද හමුදා සාමාජිකයින් සතු නව පරිගණක තාක්ෂණික හැකියාවන් පිළිබඳව ඇති විශ්වාසය මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ක්‍රියාකරනු ලැබු රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ කාර්යය ද අද පටන් අප විසින් බාර ගැනීමට නියමිත බව ඉතා සතුටින් දන්වා සිටිනු ලබයි. රටේ ජාතික ආරක්ෂාවට නව අභියෝගයක් වු කොවිඩ් වසංගතයෙන් රටත් වාසය කරන ජනතාවත් ආරක්ෂා කර ගැනීමට මේ දක්වා රාජකාරි කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් වන තෙක්ඉදිරි වසරේදීත් ඔබ ක්‍රියාකරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here