ඉදිරිපෙළ ව්‍යාපාරික තීරණ සඳහා උසස් විශ්ලේෂණ ක්‍රමවේද භාවිතය දිරිගන්වන OCTAVE

0
70

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන් එක්තැන් කරමින් මෙය සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයට මූල්‍ය සේවා, පාරිභෝගික වෙළඳාම්, හෝටල්, ආහාරපාන, ප්‍රවාහන, දේපළ සංවර්ධන, තොරතුරු තාක්ෂණ සහ වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රාශියක දත්ත භාවිතා කිරීම සඳහා සුවිශේෂී හැකියාවක් ඇත. මෙම දත්ත වල වටිනාකම සහ ඒවා භාවිතා කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, එම දත්ත පදනම් කරගෙන මෙහෙයුම් හා ක්‍රමෝපායික තීරණ ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාගම් යොමුකරවීම සඳහා මෙම වැඩසටහන දියත් කරන ලදි.

තාක්ෂණ ක්‍රියාවලි සහ ඉගෙනුම් යන අංශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් OCTAVE විසින් මේ වනවිට ගෝලීය කළමනාකරණ හා උසස් විශ්ලේෂණ උපදේශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙමගින් ජෝන් කීල්ස් කණ්ඩායමට ක්ෂේත්‍ර විශේෂඥයන් සමග සම්බන්ධ වෙමින්, නවීන තාක්ෂණය සමගින් විශිෂ්ටතම විශ්ලේෂණ විධික්‍රම භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. නවෝත්පාදනය පදනම් කරගත් සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා නම්‍යශීලී රාජකාරි ක්‍රම සහ සහයෝගීත්වයේ මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා OCTAVE කවදත් කටයුතු කරන නිසා මෙම උත්සාහය ඉතාමත් ඵලදායී උත්සාහයක් වනු නිසැක ය.

ක්ෂේත්‍රයේ සංකල්ප පුරෝගාමියෙකු ලෙස තමන් සතු ස්ථානයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් OCTAVE මේ වනවිට විශ්ව විද්‍යාල සහ අනෙකුත් පාර්ශ්ව සමග එක්වී Hackathon  වැඩසටහන් සහ අනෙකුත් දැනුම් හුවමාරු සැසි සංවිධානය කර ඇත. ‘OCTAVE INSIGHTS – Hear, Learn and Interact with Advanced Analytics Experts’ යනු ඒ අතරින් නවතම වැඩසටහනයි. උසස් විශ්ලේෂණ වෘත්තිකයන් වෙනුවෙන්ම සැලසුම් කළ එම වැඩසටහන තුළදී ඔවුන්ට OCTAVE හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ ක්ෂේත්‍රයේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ සාමාජිකයන් සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා වේ.

OCTAVE INSIGHTS වැඩසටහන Data Engineering, Data Science, සහ Analytics Delivery යන අංශ වලට අදාළ වෙබ් සම්මන්ත්‍රණ  තුනකින් ආරම්භ වන අතර, McKinsey සමාගමක් වන, උසස් විශ්ලේෂණ උපදේශනය සම්බන්ධයෙන් ලෝ ප්‍රකට QuantumBlack සමාගමේ සහ OCTAVE අතර සාකච්ඡාවක් වශයෙන්, ප්‍රධාන ක්ෂේත්‍ර තුන ආවරණය කරමින් මෙම වෙබ් සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙනු ඇත.

2020 නොවැම්බර් 17 දින පැවති මෙහි ප්‍රථම සම්මන්ත්‍රණය ‘Data Engineering: Evolution over a Decade’ යන මාතෘකාව යටතේ, චමිත වානගුරු (Analytics Delivery Lead, OCTAVE) සහ අංශුල් වර්මා (Data Architect, McKinsey Digital Labs, India) යන වෘත්තිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එයට ඉතා හොඳ සහභාගීත්වයක් ලැබිණි. මීට අමතරව ආචාර්ය රාජිත නවරත්න (Principal Data Scientist, OCTAVE) සහ ආචාර්ය පෝල් බවුමාන්ට් (Senior Data Scientist, QuantumBlack, Singapore) විසින් පවත්වනු ලබන ‘Causal Inference’ සම්මන්ත්‍රණය  සහ දුමින්ද ජයතිලක (Analytics Delivery Lead, OCTAVE) සහ නයුර් කාන් (Global Head of Technical Delivery, QuantumBlack, London) විසින් පවත්වනු ලබන ‘Production Ready Practices’ සම්මන්ත්‍රණය පිළිවෙළින් දෙසැම්බර් 01 සහ 15 දිනවල පැවැත්වෙනු ඇත. OCTAVE INSIGHTS ඊළඟ අදියරට සහභාගී වීමට කැමති පුද්ගලයන්ට www.keells.com/octave වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here