කීල්ස් ක්‍රෙස්ට්, රසවත් ‘Keells Krest Frankie’ සොසේජස් එළිදක්වයි

0
12

ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමාගම සිය නවතම නිෂ්පාදනය වන ‘Keells Krest Frankie’ (කීල්ස් ක්‍රෙස්ට් ෆ්‍රැන්කි) සොසේජස් නිපැයුම් පෙළ පසුගියදා වෙළදපොළට නිකුත් කරන ලදී. ‘චිකන්’ හා ‘චීසි බ්ලාස්ට්’ යන රස ද්විත්වයෙන් වෙළදපොලට එක්වී තිබෙන මෙම නවතම නිෂ්පාදනය සොසේජස් ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ රස අංකුර උද්දීපනය කිරීමට සමත් රසයෙන් යුක්තය. තවද, මෙම විශේෂිත නිෂ්පාදනය පාරිභෝගිකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් ‘Frankie’ නම් කල්පිත චරිතයක් සමග මුසු කොට වෙළදපොලට හදුන්වාදී තිබේ.

මෙම නවතම Keells Krest Frankie (කීල්ස් ක්‍රෙස්ට් ෆ්‍රැන්කි) සොසේජස් නිපැයුම් පෙළ ග්‍රිල් කිරීමට, ෆ්‍රයි කිරීමට හෝ දෙයාකාරයටම පහසුවෙන් පිස ගත හැකි වන අතර චිකන් රසැති ‘Keells Krest Frankie’ සොසේජස් ග්‍රෑම් 100 පැකට්ටුව රුපියල් 150 කටද, ‘චීසි බ්ලාස්ට් Keells Krest Frankie’ සොසේජස් ග්‍රෑම් 100 පැකට්ටුව රුපියල් 190 කටද දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් සහ සිල්ලර වෙළඳසැල්වලින් මිලදී ගත හැක.

කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි / ජෝන් කීල්ස් සමුහයේ උප සභාපති සුමුදු තන්තිරිගොඩ මහතා මේ පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, ”ලොකු කුඩා සියලුම පාරිභෝගිකයන් වෙනුවෙන්ම සකස් කරන ලද නව සොසේජස් පෙළක් වෙළද පොළට එක් කිරීමට ලැබීම ගැන අප බෙහෙවින් උද්දාමයට පත්ව සිටිනවා. මේ සමග අප හදුන්වාදෙන ‘Frankie’ නම් කල්පිත චරිතය ඔවුන් අතර ජනප්‍රිය වනු ඇති බවත් එමගින් අපගේ ‘Keells Krest Frankie සොසේජස්’ පෙළ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම වෙළදනාමයක් වනු ඇති බවත් අපි අපේක්ෂා කරනවා. මෙම නිෂ්පාදනය අපගේ විවිධාංගීකරණය වූ නිෂ්පාදන පෙළට තවත් වටිනාකමක් එක් කරන අතරම අපගේ නිෂ්පාදන කළඹ තවත් ශක්තිමත් කරනවා. කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පරිභෝගිකයන්ගේ හදවතේ රැඳෙන නිෂ්පාදන හදුන්වා දීමට නිරන්තරයෙන් උත්සහ ගන්නවා,” යනුවෙනි.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කීල්ස් ක්‍රෙස්ට් ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර නිෂ්පාදනයේ නියමුවා වේ. ඔවුන්ගේ නිෂ්පාදන සමුදාය දිව පිනවන රසය හා උසස් තත්ත්ව  පාලනය සම්බන්ධයෙන් නම් දරා ඇති අතර එම නිෂ්පාදන සියල්ල ISO තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කරනු ලබයි. පාරිභෝගික තෘප්තිය සහතික කිරීම සඳහා ඉහළම තත්ත්වයන් පවත්වාගෙන යාමට ඇති කැපවීම සමාගමේ ගෞරවනීය වෙළද නාමය තව දුරටත් දිදුලවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here