දකුණු අප්‍රිකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයට ලංකාවේ තාක්ෂණය සහ ශිල්පීන්

0
131

දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවදානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන්කර සිය මව් රටට යෑමට පෙර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇය මේ බව සඳහන් කළබව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා දියුණු කර දෙරටේ සුහදත්වය හා අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීම සඳහා තානාපති ලෙස ඉටුකර ඇති කාර්යය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කරන බව මෙහිදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
දැනටමත් දකුණු අප්‍රිකානු සුපිරි වෙළෙඳසැල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත්, එම වෙළෙඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කරගැනීමට කටයුතු කරන බවත් මෙහිදී තානාපතිනිය කියා සිටි බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම වෙළෙඳසැල් සඳහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කරගත හැකි බව ද ඇය ප්‍රකාශකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here