ලියෝසිස් පුද්ගලික සමාගම ගෝලීය තාක්ෂණික දැවැන්තයෙකු වන ෆුජිට්සු සමඟ අත්වැල් බැඳගනී

0
92

ෆෝර්චූන් හි වඩාත්ම ඇගයිමට ලක් වූ සමාගම් අතුරින් ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ඩව් ජෝන්ස් විසින් ලොව ප්‍රමුඛ සමාජ වගකීම් සහිත සමාගමක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති ජපානයේ සුප්‍රසිද්ධ තාක්‍ෂණ දැවැන්තයෙකු වන ෆුජිට්සු සමාගම ජපානයේ අංක 1 තොරතුරු තාක්ෂණ සේවා සපයන්නා ලෙසත්, ලොව පුරා අංක 7 ස්ථානයත් දරණ විශිෂ්ඨ ඝණයේ තාක්ෂණික ආයතනයකි. ෆුජිට්සු සැමවිටම වඩාත් සැළකිලිමත් වනුයේ සිය තාක්ෂණයන් උපයෝගී කොට ගනිමින් ගෝලීයව තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහායි.

ආසියානු ශාන්තිකර කලාපයේ ෆුජිට්සු හි වේගවත් වර්ධනයත් සමඟ ඔවුන් ශ්‍රී ලංකාව තුළ සිය සේවා පුළුල් කිරීම සඳහා දේශීය සමාගමක් වන ලියෝසිස් කෝපරේෂන් (පුද්) සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාණ්ඩ හා සේවා අංශයේ පුරෝගාමියෙකු වන ලියෝසිස් ආයතනය ෆුජිට්සු හි සියළු සුදුසුකම් හා ප්‍රමිතින් සපුරාලීමට සමත් වූ අතර ෆුජිට්සු තාක්‍ෂණ විසඳුම් සඳහා සේවා සහකරු ලෙස සුදුසුකම් ලබා ඇත. මේ අනුව ෆුජිට්සු සමාගම විසින් ඔවුන් ගේ තාක්‍ෂණ විසඳුම්වල “බලයලත් සේවා සැපයුම්කරුවකු” ලෙස ලියෝසිස් ආයතනය නම් කොට ඇත. ෆුජිට්සු සමාගම මගින් ලබා දෙන ඩෙස්ක්බවුන්ඩ්, නෝට්බුක්, මොබයිල්, සර්වර්, දත්ත ගබඩා, සහ සංදර්ශක සඳහා සේවා සැපයීමට ලියෝසිස් ආයතවය හට හැකියාව ලැබී ඇත. ලියෝසිස් හි ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් ආර්. අතුකෝරාල මහතා පැවසුවේ මෙය ලියෝසිස් සමාගම ආ ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර ෆුජිට්සු පාරිභෝගිකයින්ට හොඳම සේවාවන් ලබා දීමට සිය ආයතනය කැපවී සිටින බවයි. මෙය ශ්‍රී ලංකාවේ සියලුම ෆුජිට්සු පාරිභෝගිකයින්ට ශුභ ආරංචියක් වනු නොඅනුමාන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ලියෝසිස් යනු පුළුල් පරාසයක තොරතුරු සන්නිවේදන තාක්ෂණ අවශ්‍යතාවයන් ඉටු කිරීමට සහ සපුරාලීමට හැකියාව හා අත්දැකීම් ඇති ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමකි. ඔවුන් ඉතා පළපුරුදු සහ වෘත්තීය දැනුමැති තාක්‍ෂණික ශ්‍රම බලකායකින් සන්නද්ධ වන අතර දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම සේවා සැපයීමේ පුළුල් ජාලයක් ඔවුන් සතුව ඇත. ඔවුන් රැහැන් රහිත (Wi-Fi)/ රැහැන් සහිත (Wired) ජාලකරණ විසඳුම්, නිරීක්ෂණ විසඳුම්, ප්‍රකාශ තන්තු ජාලකරණය (Fibre Optic Networks), තොරතුරු තාක්ෂණ සේවා හා නඩත්තු කිරීම, පද්ධති ඒකාබද්ධ කිරීමේ විසඳුම්, සංකීර්ණ ඉලෙක්ට්‍රොනික අළුත්වැඩියා කිරීමේ සේවා, තොරතුරු තාක්ෂණ උපදේශන සේවා සහ පරිගණක, නෝට්බුක් වැනි පාරිභෝගික නිෂ්පාදන වැනි පුළුල් පරාසයක නිෂ්පාදන සහ සේවාවන් පෙළක් සපයයි.  ෆුජිට්සු සමඟ නව සේවා හවුල්කාරිත්වය ඇති කරගැනීමත් සමඟ ලියෝසිස් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ සේවා සහ නිෂ්පාදන ප්‍රචලිත කිරීම තවදුරටත් පුළුල් සහ වේගවත් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here