මත්තල සහ කටුනායක ලොව සෞඛ්‍යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් අතරට

0
44

ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම ගුවන් තොටුපොළවල් 600 අතරට මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් ඇතුළත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

ලෝකයේ ගුවන් තොටුපළවල් 17,000 ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කළේ,”මගීන්ගේ ආරක්ෂාව, සේවකයින්ගේ ආරක්ෂාවත් එක්ක මේ ලැබුණු සහතිකය ඉදිරියේදී අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here