සංචාරක ක්ෂේත්‍රයට දුන් සහන පැකේජය දීර්ඝ කිරීමට සාකච්ඡා

0
85

කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වූ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ලබාදුන් ණය හා ලීසිං පහසුකම් සඳහා වන සහන පැකේජය මේ වසරේ අවසානය දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් පිඩාවට පත්වු සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට රජය ණය හා ලීසිං සහනයක් ලබාදීම පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කෙරුණි.

එය මේ මස 31 වන දිනයෙන් අවසන්වීමට නියමිතව තිබුණ ද තවමත් සංචාරක ක්ෂේත්‍රය යථා තත්වයට පත්ව නොමැති බැවින් මෙම සහනය දීර්ඝ කිරීමට රජය සිය අවධානය යොමු කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here