මහා බාධක කොරල්පරයේ ඉරණම

0
11

1995 වර්ෂයේ සිට ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස මෙම විනාශය සිදුව ඇති බව සඳහන් වේ.

ලොව විශාලතම කොරල්පරය වන මහා බාධක කොරල්පරය 1981 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය උණුසුම් වීම මහා බාධක කොරල්පරයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

එහි ඇති සියළුම වර්ගයේ කොරල් ක්ෂය වෙමින් ඇති බව විද්‍යාඥයන් පවසයි.

1995 වර්ෂයේ සිට 2017 දක්වා කාලය තුළ මහා බාධක කොරල්පරයේ කොරල්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

වසර 5 ක් තුළ මෙහි සිදුවූ තුන්වන විශාලතම දුර්වර්ණවීම සම්බන්ධයෙන් විද්‍යාඥයන් වාර්තා කළේ පසුගිය මාර්තු මාසයේදීය.

එහිදී සිදුවූ හානියේ සම්පූර්ණ ප්‍රමාණය සම්බන්ධයෙන් තවමත් තක්සේරු කරමින් සිටින බවද විද්‍යාඥයන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ලෝක උරුමය රැක ගැනීමට හරිතාගාර වායු පිට කිරීම අවම කළ යුතු බවත් ඒ සඳහා ලෝකයට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.

ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර යුගයේ පැවති තත්ත්වයට වඩා සෙල්සියස් අංශක එකකින් වැඩිවී ඇති බව වාර්තා වේ.

එම අගය සෙල්සියස් අංශක 1.5 දක්වා වැඩිවුවහොත් ලොව සමස්ථ කොරල්පරවලින් 90%ක් විනාශ වී යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here