ශ්‍රී ලංකා එංගලන්ත දෙවැනි ටෙස්ට් තරඟය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. එම තරඟයට නවක ක්‍රීඩකයෙක් ද එක් කර තිබේ. ඔහු රමේෂ් මෙන්ඩිස් ය. වනිගමුණි රමේෂ් තාරින්ග මෙන්ඩිස් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක්වූ 154වැනි ක්‍රීඩකයා වේ. 25 හැවිරිදි ඔහු අම්බලන්ගොඩ දී උපත ලබා ඇත. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී සිසුවෙක් වන රමේෂ්, දකුණත් පිතිකරුවෙක් ලෙස සහ දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් ලෙස දස්කම් පායි. මේ වනවිට පළමු පෙළ තරඟ 45කට ක්‍රීඩාකර ඇති ඔහු ලකුණු 3,799ක් රැස්කර තිබේ. වැඩිම ලකුණු ගණන නොදැවී 300කි. දවාගෙන ඇති කඩුලු ගණන 83කි.