ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමාවෙයි

0
113

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 135කි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් රැස් කළේය.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිමුත් කරුණාරත්නගේ ඇගිල්ලේ ආබාධයක් හේතුවෙන් අද තරගයට ඔහු ඇතුළත් නොවීය.

ඒ අනුව කණ්ඩායම මෙහෙවීමේ වගකීම ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙක් වන දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබුණි.

කුසල් පෙරේරා සමඟ ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ ලහිරු තිරිමාන්නය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 16ක් ලෙස සටහන් වන විට ක්‍රියාත්මක වූ ස්ටුවට් බ්‍රෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4ක් රැස් කරගෙන සිටි ලහිරු තිරිමාන්න දවාගත්තේ ය.

ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වු ස්ටුවට් බ්‍රෝඩ් එම පන්දුවාරයේදීම ශ්‍රී ලංකා දෙවන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දවා ගැනීමට සමත්විය.

ඒ අනුව මෙන්ඩිස් සිය අවසන් ටෙස්ට් ඉනිම් හතරේදීම ලකුණු රැස් කිරීමට සමත්වී නොමැත.

ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් පෙරේරා ශ්‍රී ලංකා පිලේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here